Saturday, November 3, 2018

"දුක් ගෙන දෙන කර්ම විපාක"


         
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්රී සද්ධර්මය තුළ දක්නට ලැබෙන්නේ මිනිසා කළ දේ් ඒ මිනිසා ම, නැවත වතාවක් ලබනවා කියන කාරණාවයි. තවත් ආකාරයකින් පැහැදිලි කරනවා නම්, දුන් දෙය ලබයි. නුදුන් දෙය නොලබයි. ලෝකයේ තිබෙන කිසිම ආගමක එවැනි ඉගැන්වීමක් දක්නට ලැබෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට පැවතුණ විශිෂ්ට ඥාන සම්පත්තිය උපයෝගී කරගෙන සත්ත්වයාගේ මරණය, උප්පත්තිය, නැවත උප්පත්තිය පිළිබඳ ව දීර්ඝකාලීනව දුටු දේ අනුව මිනිසා දුන්දේ ලබන බවත් ,නොදුන් දේ නොලබන බවත් උන්වහන්සේ දේශනා කළා. ඒ අනුව මනුසත්ත්වයා සිතින් සිතමින්, කටින් ප්රකාශ කරමින් ශරීරයෙන් ක්රියාත්මක වෙමින්, තුන් දොරින් ම යම් යම් දේ සිදු කරයි.
තුන් දොරින් සිතන කියන කරන එම ක්රියාදාමයන් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. නරක ක්රියා, පාප ක්රියා, අකුසල ක්රියා වශයෙන් හෝ යහපත් ක්රියා, පුණ්ය ක්රියා, කුසල ක්රියා යනාදී වශයෙනි. සාමාන්ය සමාජය තුළ කතා කරන විට අයහපත් ක්රියා සහ යහපත් ක්රියා වශයෙන් ප්රකාශ කරයි. ආගමික සමාජය තුළ ආගමික වචනයෙන් කතා කරන අවස්ථාවල, පාප ක්රියා, සහ පුණ්ය ක්රියා වශයෙන් ප්රකාශ කරයි. ධර්මයෙන් ශික්ෂණය වුණ සමාජයේ මේ පිළිබඳ කතා කරන විට අකුසල ක්රියා සහ කුසල ක්රියා වශයෙන් හඳුන්වයි. මිනිසා කරන දේ මිනිසා නැවත ලබනවා කියන කාරණාව කළ කම් පළ දෙනවා යනුවෙන් ප්රකාශ වෙයි.
මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ කළ කම් කියන කාරණාවෙහි නරක කළ කම් හෙවත් අයහපත් ක්රියා ,පාපක්රියා අකුසල ක්රියා කළ පසු නැවත විපාක ලැබුණ අවස්ථාවන් පිළිබඳව යි. දීර්ඝකාලීන ව ලියන ලිපි පෙළක් වශයෙන් අකුසල ක්රියා පළදුන් ආකාරයත් එහි විපාක ලබන ආකාරයත්, අකුසල ක්රියාවන් නිසා තමන් පීඩනයට පත්වන ආකාරයත්, ලිපිපෙළින් ප්රකාශ කිරීමට බලාපොරොත්තු වෙයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මතාවය වඩාත් නිවැරැදි ව කතාන්තර, ආඛ්යාන තුළින් පැහැදිලි කරගැනීමේ හැකියාව ධර්ම ග්රන්ථ අධ්යයනය කිරීමෙන් ම පසක් කරගත හැකියි. ඒ වගේ ම සමාජය තුළ පර්යේෂණාත්මක ව අධ්යයනය කිරීමෙන් ද, එම කරුණු නිවැරැදි ව පසක් කර ගැනීමට හැකියාව ලැබෙයි. මෙවැනි අවස්ථාවකට ධර්ම ග්රන්ථ තුළින් නිදසුන් කතාවක් පැහැදිලි කර ගත හැකියි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පේතවත්ථුව බණ පොතේ එන ගූථ ඛාධක පේත වත්ථුව නම් බණ කතාවෙහි සඳහන් පරිදි එක්තරා විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. එම ස්වාමීන් වහන්සේ බණ භාවනාවලට වඩා පන්සලේ දියුණුව ගොඩනඟා ගැනීමටත්, පන්සලේ දායක පිරිස වැඩිකර ගැනීමටත් ,පන්සලේ ආලෝකය වැඩිකරගැනීමට කටයුතු කිරීමටත් හරිම දක්ෂයි. එම හේතුව නිසා ම පන්සලට පැමිණෙන දායක කාරකාදීන්ගේ වැඩිවීමක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ දායකයන් සතුටු වන ආකාරයෙන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට කටයුතු කරන නිසා ම දායකයන් ද , පන්සලට කැමැතියි. එම නිසා ම ස්වාමීන් වහන්සේටත් ලාබ ප්රයෝජන වැඩිියි.
බණ දහම් ආරක්ෂාකරමින් භාවනා කරනවාට වඩා මිනිසුන් සමඟ ලෙන්ගතු ආකාරයෙන් කතාකිරීමෙන් ලාබප්රයෝජන ලබාගැනීමත් පහසුයි.මේ හාමුදුරුවන් වහන්සේත් ඒ ආකාරයෙන් පන්සලේ වැඩ කටයුතු කළා. පන්සල දියුණු නිසා ම ස්වාමීන් වහන්සේ වැඩම කළාට පසු පන්සල දියුණු වූ බවට දායකයන් ද ප්රකාශ කරයි.පන්සලේ තිබෙන ගොඩනැඟිලිවල දියුණු ව පන්සලෙහි දියුණු ව බව දායකයන් ප්රකාශ කර යි. සෙනඟ නිතර පැමිණීමත්, ආලෝකය වැඩිවීමත් ,දියුණුව ලෙස ඔවුන් දකියි. සාමාන්ය සමාජයේ මිනිසුන් දියුණුව එම අර්ථයෙන් ද ගනී.
කාලය ගතවීමත් සමඟ එම පන්සලට පිටතින් ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩම කළා. මෙම පන්සලේ වැඩ කටයුතු හොඳින් කෙරෙන නිසා ම උන්වහන්සේලාත් නිදහසේ අධ්යාපන කටයුතු,ආගමික කටයුතු ,බණ භාවනා කරගෙන කාලය ගතකළා මිස ස්වාමීන් වහන්සේලා දෙනම පන්සලෙන් නැවත වැඩම කරන බවක් නැහැ. මේ ආකාරයෙන් කාලය ගතවන නිසාත් , පිටතට වැඩම කරන බවක් දක්නට නොලැබෙන නිසාත්, විහාරස්ථානයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා සමඟ සිතෙන් උරණ වුණා. එසේ වුවත්, සමාජයට තමන් වහන්සේ ඉතා ම හොඳ චරිතයක් බව පෙන්නුම් කරගෙන සිටින නිසා සිතේ තිබෙන තරහව අමනාපය උන්වහන්සේලාට පෙන්වීමට ගියේ නැහැ.
උන්වහන්සේලාගෙන් තමන්ට යම්යම් අකරතැබ්බයන් , අපහසුකම් සිදුවෙද්දීත් උන්වහන්සේලා කෙරෙහි කරුණාවෙන්, දයාවෙන් ,මෛත්රියෙන් කටයුතු කරනවාය කියන කාරණාව තමන් වහන්සේට හිතවත් දායකයන්ට හැඟවෙන ආකාරයෙන් කතා කළා. තමන් තුළ පවතින විරෝධය නොදැනෙන ආකාරයට කතාබහ කළ නිසා ම දායකයන් ස්වාමීන් වහන්සේගේ පැත්ත අරගෙන පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා දෙනම සමඟ උරණවීම් ඇතිකර ගත්තා. ඒ බව තේරුම් ගත් විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ දායකයන් සමඟ එකතුවෙමින් ස්වාමීන් වහන්සේලා දෙනමට නින්දා වන ආකාරයෙන් ද, අපහාස වන ආකාරයෙන් ද, නරක නපුරු දේ සිදුවෙන ආකාරයට යම් යම් දෝෂදර්ශන ලිපි ලේඛන ගමේ ප්රචාරය කළා. කාලය ගතවීමත් සමඟ පන්සලේ වැඩ සිටි ස්වමීන් වහන්සේලා ඒ පිළිබඳ කම්පාවට පත් ව තමන් වහන්සේලා නිදහස් ව සිටියදීත් මේ තරම් චෝදනා ඇතිවන්නේ ඇයිද? සිතමින් එම විහාරස්ථානය අතහැර ආපසු වැඩම කර ඇත. පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේටත් හිතවත් දායක කාරකාදීන්ටත් හරිම සතුටක් දැනුණත් පන්සලේ පොදු දායකයාට සන්තෝෂයක් දැනී නැත.
පොදු දායකයන් ගෙන් පැමිණෙන විරෝධය මැඩගෙන සතුටින් පන්සලේ කටයුතු කරගෙන ගියා. දානය වළඳා නිදහසේ තමන්ගේ වැඩ කොටස කරගැනීම පන්සලේ වැඩකටයුතු කිරීමක් බව උන්වහන්සේගේ අදහස වුණා.
එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතය වඩින අවස්ථාවක පාර අයිනේ සිටි ප්රේතයෙක් දැක ඔබ මෙතන කුමක් කරනවා ද ? යනුවෙන් ප්රේතයාගෙන් ප්රශ්න කළ විට, මුගලන් මහරහතන් වහන්ස , අසවල් ස්ථානයෙහි තිබෙන වැසිකිළියෙහි වැසිකිළි කටේ ප්රේතයෙක් වෙලා සිටින බවට පිළිතුරු දුන්නා. ඔබ ඔතරම් දුක්ඛිත ස්ථානයක ඉපදීමට හේතුව කුමක් ද? යනුවෙන් විමසූ විට එම ප්රේතයා ඉහත සඳහන් කළ කතාව මුගලන් මහරහතන් වහන්සේට ප්රකාශ කළා. එදා නිවැරැදි ව නිස්කලංකව කටයුතු කළ ස්වාමීන් වහන්සේලාට නින්දා කළ පාපය නිසාත් ,නින්දා අපහාස පත්රිකා ලියමින් අනෙක් පිරිසගේ සිතිවිලි නොමඟ යැවීම නිසාත්, සුසිල්වත් භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය ගෙනයාමට ඉඩ නොදී අවහිර කිරීමේ පාප කර්මයට පන්සලේ වැසිකිළියෙහි ප්රේතයෙක් වෙලා සිටින බව ප්රකාශ කළා.
එදා පන්සලේ දායකයා ලෙස කටයුතු කළ මම මේ ප්රේත ආත්මයේ සිටිනවා . එදා ඒ පන්සලේ විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේත් ප්රේතයෙක් වෙලා ඉන්නවා . මම ඉන්නේ එම පේ්රතයාගේ කට උඩයි . අපිදෙන්නා දෙබිඩි ප්රේතයන් හැටියටයි ඉන්නේ. මේ ඉන්නේ අනෙක් ප්රේතයා බවට මුගලන් මහරහතන් වහන්සේට අනෙක් ප්රේතයා පෙන්වූවා.
අනෙක් අයට නින්දා අපහාස කිරීමට යාම පෙරළා එය තමාට ලැබෙන විපාකයක් ලෙස මේ තුළින් පෙන්වා දිය හැකියි. මිනිසුන් අපවිත්ර කිරීම සඳහා යන වැසිකිළි කටේ ඒවා අනුභව කරමින් ප්රේතයෙක් ව අකුසල විපාක විඳිනවා. කටින් කළ අකුසල කර්මවලට කට හරහාම විපාක විඳිනවා. එය ජීවිතයට බොහෝ දුකක් .කම්පාවක්.
බුදුරජාණන් වහන්සේට එම සිදුවීම සැළවුණා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ කතාවෙන් කළ කම් පළ දෙන හැටි විග්රහ කරමින් මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු පි්රිසට පැහැදිලි කර දුන්නා. තමන්ගේ සිතින් තමන් කළ යුත්තේ ද, තමන්ගේ යහපත පිණිස සහ පොදු යහපත සඳහා වන සිතිවිලි සිතීම ය. තමන්ගේ කටින් යමක් ප්රකාශ කළ යුත්තේ ද, තමන්ගේ දියුණුව සහ පොදු සමාජයේ දියුණුව සඳහා හේතුවන ප්රකාශයන් ය. තමන්ගේ කයින් තමන් කළ යුත්තේ ද ,තමන්ගේ දියුණුව සඳහා වන සහ පොදු සමාජයේ යහපත දියුණුවට හේතුවන ක්රියාවන් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කර වදාළා.

පතිකුලයට යන කුමරියන්ට බුදු දහමෙන් උපදෙස්


       ඔබලාගේ වැඩ කැමැති වන්නා වූ සිත කැමැති වන්නා වූ අනුකම්පා ඇත්තාවූ මාපියෝ අනුකම්පා පිණිස යම් ස්වාමියෙකුට විවාහකර දෙන්නේ ද එහිදී ඔබලා ඒ ස්වාමියා කෙරෙහි මෙසේ හැසිරිය යුතුය. එනම් සැමට පළමුව උදෑසනම අවදි විය යුතුය. සියල්ල සොයා බලා සැමට පසුව නින්දට යා යුතුය. කරන කියන සෑම දෙයක්ම ස්වාමියාගේ අනුමැතිය ඇතිවම කළ යුතුය. ස්වාමියාගේ සිත ගන්නා ලෙස හැසිරිය යුතුය.ස්වාමියාට පි්රය උපදවන වචනම කතා කළ යුතුය. තම ස්වාමියා කෙරෙහි මෙසේ පිළිපඳින තැනැත්තියගේ දියුණුව ඇති වේ
මෙවර අපගේ අවධානය යොමුවන්නේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන උග්ගහ සූත්රය වෙතටයි. එහි සඳහන් වන්නේ පතිකුලයට පැමිණෙන කුමරියන්ට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උපදෙස් මාලාවකි. එම උපදේශයන් සාර්ථක විවාහ දිවියකට බෙහෙවින් උපකාර වේ. මෙතැන් සිට එම උපදේශයන් විමසා බලමු.
එක් කලක බුදුරජාණන් වහන්සේ භද්දිය ජනපදයට අයත් ජාති ස්වයංජාත නම් වනයෙහි වාසය කරන කාලයේ මෙණ්ඩක සිටුතුමාගේ මුණුබුරු වූ, උග්ගහ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ගරුසත්කාර කොට වැඳ එකත්පසෙක සිට, පසු දින තම නිවසෙහි දානය සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය. එය නිශ්ශබ්ද තාවයෙන් ඉවසූ බුදුරජාණන් වහන්සේ පසුදින දානයට වැඩම කළහ. උග්ගහ ගෘහපතිතුමා ප්රණීත ආහාරපානාදියෙන් බුදුරජාණන් වහන්සේ ප්රධාන මහසඟනට උපස්ථාන කළේය. දන් වළඳා අවසන් වූ බුදුරජාණන් වහන්සේට උග්ගහ ගෘහපතිතුමා විවාහයට යන තම දූ කුමාරිකාවන්ට අවශ්ය උපදෙස් ලබාදෙමින් ඔවුන්ට බොහෝ කල් හිත සුව පිණිස පවතින ධර්ම දේශනාවක් කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඇයද සිටියි. ඊට පසු බුදුරජාණන් වහන්සේ විසින් විවාහයට යන කුමාරිකාවන්ට අවශ්ය උපදෙස් ලබාදෙමින් එම ධර්ම දේශනාව සිදු කළහ.
තස්මාතිහ, කුමාරියො, එවං සික්ඛිතබ්බං යස්ස වො මාතාපිතරො හත්තුනො දස්සන්ති අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො කිංකාරපටිස්සාචිනියො මනාපවාරිනියො පියවාදිනියො ‘ති . එවඤ්හි වො, කුමාරියො, සික්ඛිතබ්බං
කුමාරිකාවනි, මෙහිලා ඔබලාගේ වැඩ කැමැති වන්නා වූ සිත කැමැති වන්නා වූ අනුකම්පා ඇත්තාවූ මාපියෝ අනුකම්පා පිණිස යම් ස්වාමියෙකුට විවාහකර දෙන්නේ ද එහිදී ඔබලා ඒ ස්වාමියා කෙරෙහි මෙසේ හැසිරිය යුතුය. එනම් සැමට පළමුව උදෑසනම අවදි විය යුතුය. සියල්ල සොයා බලා සැමට පසුව නින්දට යා යුතුය. කරන කියන සෑම දෙයක්ම ස්වාමියාගේ අනුමැතිය ඇතිවම කළ යුතුය. ස්වාමියාගේ සිත ගන්නා ලෙස හැසිරිය යුතුය.ස්වාමියාට පි්රය උපදවන වචනම කතා කළ යුතුය. තම ස්වාමියා කෙරෙහි මෙසේ පිළිපඳින තැනැත්තියගේ දියුණුව ඇති වේ.
ය තෙ භත්තු ගරුනො භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණබ්රාහ්මණාති වා, තෙ සක්කරිස්සාම ගරුං කාරිස්සාමි මානෙස්සාමි පූජෙස්සාමි අබිභාගතෙව ආසනොදකෙන පටිපූජෙස්සාමා’ති .එවඤ්හි වො, කුමාරියො, සික්ඛිතබ්බං
කුමාරිකාවනි, තම ස්වාමියාගේ මව, පියා, මහණ බමුණන් ගරු සත්කාර කළ යුතු අය තම නිවසට පැමිණේද ඔවුන් කෙරෙහි මනා ලෙස හැසිරිය යුතුය. ඔවුන්ට ගරුකළ යුතුය. සත්කාර කළ යුතුය. බුහුමන් කළ යුතුය. පූජා කළ යුතුය. ළඟට පැමිණි අයට ආසන පනවා දිය යුතුය. ජලය පිළිගැන්විය යුතුය.මේ අයුරින් තම නිවසට පැමිණෙන අයට සංග්රහ කළ යුතුය.
යෙ තෙ භත්තු අබ්හන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා,තත්ථ දක්ඛා භවිස්සාම අනලසා, තත්රූපායාය, වීමංසාය සමන්නාගතා, අලං කාතුං අලං සංවිධාතු’න්ති. එවඤ්හි වො, කුමාරියො සික් ඛිතබ්බං
කුමාරිකාවනි, තම ස්වාමියාගේ යම් කටයුතු කර්මාන්ත වෙත් ද ඒවායෙහි අලස නොවී සොයා බැලිය යුතුය. විමසිය යුතුය. තමාගේ උපාය නුවණින් ඒවා දියුණු කිරීම සඳහා ස්වාමියාට සහාය විය යුතුය.සියලු කටයුතු සංවිධානය කිරීමේ දක්ෂව කටයුතු කළ යුතුය.
යො සො භත්තු අබ්භන්තරො අන්තොජනො දාසාති වා පෙස්සාති වා කම්මකරොනි, වා තෙසං කතඤ්ච කතනො ජානිස්සාමි අකතඤ්ච අකතතො ජානිස්සාම, ගිලානකානඤ්ච බලාබලං ජානිස්සාම, ඛාදනීයං හොස්නියඤ්චස්ස පච්චංසෙන සංවිහජිස්සාමා . එවඤ්හි වො කුමාරියො සික්ඛීතබ්බං
කුමාරිකාවනි, තම ස්වාමියාගේ කර්මාන්තවලට සහාය වන මෙහෙකරුවෝ වෙත්ද පණිවුඩකරුවෝ වෙත්ද වෙනත් අයුරකින් තම ස්වාමියාට උදව් උපකාර කරන අය වෙත්ද ඔවුන් කෙරෙහි ස්වාමියා කැමැති අයුරින් පිළිපැදිය යුතුය. ඔවුන් උදෙසා කළ යුතු දෙය නොකළයුතු දෙය දැනගෙන කටයුතු කළ යුතුය. ඔවුන්ගේ සුවදුක් විමසා බැලිය යුතුය. ගිලන් වූ විට සැලකිය යුතුය. කෑමබීම ආදියෙන් මැනවින් සංග්රහ කළ යුතුය.
යං හත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙස් සාම, තත්ථ ව භවිස්සාමි, අධුත්ති අථෙනි අසොණ්ඩි අවිනාසිකායො’ති එවඤ්හි වො, කුමාරියො සික් ඛිතබ්බං ඉමෙහි ඛො, කුමාරියො පඤ්චති ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා මනාපකාසීනානං දෙවානං සහබ්යතං උපපජ්ජති’ති
කුමාරිකාවනි, ධූර්තියක් නොවි ලොල් වූ තැනැත්තියක නොවී සොර තැනැත්තියක් නොවී තම ස්වාමියා උපයන මිල මුදල් ධන ධාන්ය රන් රිදී මුතු මැණික් ආදිය ආරක්ෂාකාරීව රැක බලා ගත යුතුය. නිකරුණේ වියදම් නොකළ යුතුය. විනාශ නොකළ යුතුය.
කුමාරිකාවනි, මේ කරුණු පහෙන් යුක්තව තම ස්වාමියාට උදව් උපකාරි වන භාර්යාව කිසිදා පිරිහීමකට පත් නොවෙයි. සිරුරේ බිඳීමෙන් හෙවත් මරණයෙන් පසුව මනාපකායික නම් දෙවියන් අතර උපදී. යනුවෙන් බුදුරජාණන් වහන්සේ උග්ගහ සිටුතුමාගේ පතිකුලයට යෑමට සූදානමින් සිටි දියණිවරුන්ට ගෘහස්ත ජීවිතයේ දීර්ඝකාලීන යහපැවැත්ම සඳහා හේතුවන මේ වටිනා උපදේශයන් ලබා දෙමින් දහම්දෙසුම නිම කළ සේක.
වීර්ය ඇති උත්සාහවත් වූ යමෙක් නිරතුරුව ඇය පෝෂණය කරයි ද ඕතොමෝ කැමැති දෙය දෙන්නා වූ තමා පෝෂණය කරන්නා වු තම ස්වාමියා කිසිදා ඉක්මවා නොසිටියි.
ඒ ස්ත්රිය ස්වාමියා කැමැති පරිදි හැසිරෙන්නේ ද කෝප නොකරන්නේද, නුවණැත්තීව ස්වාමියාගේ සියලු කටයුතු අනලස්ව සිදු කරන්නේද ඇය තම ස්වාමියාගේ සිත නිරන්තරයෙන් ඇද ගන්නීය..
උත්සාහවත්ව අලස නොවී සංග්රහ කරන ලද පිරිවර ජනයන් ඇතිව,, ස්වාමියාට පි්රය මනාපව හැසිරෙන්නේ ,ඔහු විසින් රැස්කරන ලද ධනය ආරක්ෂා කරන්නේද ඇය කිසිදා පිරිහීමකට නොයයි.
මෙසේ ස්වාමියාගේ කැමැත්ත අනුවම යම් ස්ත්රියක් කටයුතු කරයි ද පවතීද මරණින් පසුව ඕ තොමෝ එකිනෙකාට පි්රයකරමින් මනාපකායක නම් දේව කොට්ඨාසයක් යම් තැනක වාසය කරයිද එහි උපදිති.
        අප පදනමේ නිර්මාතෘ හා ගරැ සභාපති හිමියන්ගේ උපදෙස් මත 2019.01.11 දින ඉතා දිලිදු පාසලක් සදහා පාසල් උපකාර දිමට පදනම විසින් තිරනය කොට ඇත.ඔබටද ඒ වෙනුවෙන් හැකි පමනින් දායක වීමට හැකියාව ඇතිබව ඉතා ගෙෳරවණිය ලෙස සිහිකර සිටිමු.

         On January 11, we decided to help schools for a very weak school, based on the advice of the Thero of the Foundation. It gives you as much money as you can.


Welcome...

ඔබ සැම සදහම් පාරමි සමාජ සේවා පදනම සදහා සාදරයෙන් පිලිගනිමු.

Welcome to each Sadaham Parami social service foundation.

ยินดีต้อนรับสู่มูลนิธิบริการสังคมแต่ละแห่ง


各ソーシャルサービス基盤へようこそ。